බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසාබැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා තම ෆේස්බුක් ගිණුමට එක් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් මේ වන විට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසාබැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රන්ජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ලබාගෙන එය තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.
බන්ධනාගාරයකදී එහි රදවා සිටින පුද්ගලයකු සමග මෙලෙස ඡායාරූප ලබා ගැනීම මෙන්ම එය සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරිම ද නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් මේ වන විට ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක වනවා. මේ වන විටත් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු ඊට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරනවා.