එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වෙන එක්ස්ෆෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කලාපය නිරීක්ෂණය කිරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන් එක්වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි මේ වසරේ ඔක්තෝම්බර් මස 01 වනදා සිට ලබන වසරේ මාර්තු මස 31 වනදා තෙක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට අප්‍රේල් මස දක්වා එය පැවැත්වීමට නියමිතව තිබූණද කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් කල් දැමුණා. නවීන තාක්ෂණය මුසු වූ නිෂ්පාදනය හා සේවාවන් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. වෙනත් රාජ්‍යන් සමග තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට එක්ෆෝ ප්‍රදර්ශනය වැදගත් වන බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යා නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.