පොලිතීන් භාවිතය අවම කිරීම සදහා පරිසර අමාත්‍යාංශය පසුගිය කාලය පුරාම විශේෂ තීන්දු රැසක් ගණු ලැබුවා. එය තවදුරටත් ප්‍රායෝගික කරමින් කතරගම පූජා භූමියේ පොලිතීන්වලින් සකස් කරන මල්මාලා තහනම් කිරීමටත් පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කතරගම පූජා භූමියේ අලෙවි කරන පොලිතින් මල්මාලා හේතුවෙන් පූජා භූමිය මෙන්ම කතරගම නගරය ද දැඩි පාරිසරික ගැටලුවකට මුහුණ දී තිබෙනවා. කතරගම පුද බිමට වාර්ෂිකව පැමිණෙන මිලියන 03 ක පමණ වන්දනාකරුවන් පිරිසක් පැමිණෙනවා.
එමෙන්ම වාර්ෂිකව ලක්ෂ 10 කට වැඩි පොලිතින් මල්මාලා අලෙවි වන බවටයි හෙළි වී තිබෙන්නේ. ඒ හේතුවෙන් වාර්ෂිකව පරිසරයට මුදා හරින පොලිතීන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 ඉක්මවන බව කතරගම නගර සභාව පෙන්වා දෙනවා. මෙය බරපතල පාරිසරික ගැටලුවක් බැවින් පොලිතින් මල්මාලා වෙනුවට ස්වභාවික මල්වලින් සහ තෙල් කඩදාසිවලින් සකස් කළ මල්මාලා අලෙවිය අනිවාර්ය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ලබන 22 වනදා සිට එම පියවර ගන්නා බවයි කතරගම පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.