fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ජුනි 7 දක්වා කල් යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2021 17:26

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ජුනි 7 දක්වා කල් යයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය මැඩපැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ගොනු කර තිබූ පෙත්සම් පිළිබද විභාගය ජුනි මස 7 වනදා තෙක් කල් තැබීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ල නියෝග කළා.

පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල් ටී බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස් තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයි කැදවනු ලැබුවේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

පෙත්සම් කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ ඇතැම් වගඋත්තරකරුවන්ට පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේද යන්න තීරණය කිරීම සදහා කල් ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනවල පැවැත්වීමට තීන්දු කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2021 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්