රට තුළ පවතින අස්ථාවර තත්ත්වයත් සමඟ මියන්මාරයේ යැංකොං නගරයේ කඩසාප්පු සහ බැංකු වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හමුදා පාලනයට විරෝධය පෑමක් ලෙස හමුදා සංගම් එක් වී මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. යැංකොං නගරයේ විරෝධතා මැඩලීම සඳහා හමුදා පාලනය දැඩි ක්‍රියාපිළිවෙතක් අනුගනමය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරියේදී තවත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධ වෘත්තීය සමිති වැඩ වර්ජනවල නිරතවීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය මාසයකට ආසන්න කාලය තුලදී හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූ පනහකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.