fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලී ඇතුළු දෙදෙනකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2021 15:02

පාඨලී ඇතුළු දෙදෙනකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින දෙයි

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි සැකකසීම සහ සාක්ෂි වසන්කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ තවත් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොණු කර ඇති නඩුව මැයි මස 21 වනදා විභාගයට ගැනීඹට කොළඹ  මහාධිකරණය නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව අද කැදවූ අවස්ථාවේදීයී මෙම නියෝගය නිකුත් කෙරුණේ. චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රථය මේ වන විට මුදල් අමාත්‍යාංශය භාරයේ පවතින බවත් එය මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. එම ඉල්ලීඹ පිලිගත් විනිසුරුවරයා අදාළ ජීප් රථය මීළග නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2021 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්