බොලීවියාවේ ප්‍රාන්ත මැතිවරණය ආරම්භ වුණා.
මිලියන 7.1ක ජනතාවක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේද ජනතාව දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට යොමු වූ බව බොලීවියා මාධ්‍ය සඳහන් කළා. මෙම ඡන්ද විමසුමේදී ආණ්ඩුකාරවරුන් නව දෙනෙකු සහ නගරාධිපතිවරුන් 336 දෙනෙකු තෝරා පත් කර ගැනිම සිදුවනවා. බොලීවියාව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමකට ලක් වූ රාජ්‍යයක් වන අතර එරට තුළ දොළොස් දහසකට ආසන්න පිරිසක් වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.