මියන්මාරය සමඟ පවතින හමුදා සබඳතා අවම කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
හමුදා පාලනය එරට ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරමින් සිටින දැඩි මර්දනයට ප්‍රතිචාරයක් වශයෙනුයි ඕස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ. ඕස්ට්‍රේලියාව සමඟ තවත් රටවල් 13 ක් මියන්මාරයට එරෙහිව හමුදා සබඳතා අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය සති කිහිපයක කාලය තුළදී උද්ඝෝෂණ ව්‍යාපාර මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නිසා මියන්මාර වැසියන් පනහකට වැඩි සංඛ්‍යාවක් ඝාතනයට ලක් වුණා. අවුන්සාන්සූචිගේ ප්රජාතන්ත්රවාදය සදහා වූ ජාතික ව්‍යාපාරයේ ඉහළ නිලධාරියෙකුද හමුදා ප්‍රශ්න කිරීම්වලදී සිදු වූ පහරදීම්වලින් ඝාතනය වීමත් සමඟ ජාත්‍යන්තර වශයෙන් විශාල ආන්දෝලනයක් මතු වුණා.