බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 1158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැටලීම සිදු කළා. මෙම වැටලීමේදී අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකු වරෙන්තුකරුවන් 584 දෙනෙකු සහ විවිධ වැරදි සම්බන්ධයෙන් 441 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර මිනුවන්ගොඩ පොලිස්වසම තුළ කළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් සකස් කළ සහ අලෙවි කළ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.වරෙන්තුකරුවන් 34 දෙනෙකුද එම මෙහෙයුමේදී ද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.