මොණරාගල DAG ඇඟලුම් කර්මාන්ත ශාලාව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා.
රුපියල් මිලියන 500ක ආයෝජනයකින් මෙම ඇඟලුම් කම්හල ඉදිකර තිබෙනවා. සෘජු රැකියා 600ක් මෙන්ම වක්ර රැකියා 3000 ක් මෙමගින් නිර්මාණය වනවා. මෙහි නිශ්පාදන අපනයනයෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ඉපැයීම අපේක්ෂාවයි. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.