ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ කොරෝනා වයිරස් සහන වැඩපිළිවෙළට සෙනට් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම වැඩපිළිවෙළට ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.9 ක් වැය වීමට නියමිතයි. එක් පුද්ගලයෙකුට ඇමරිකා ඩොලර් 1400 ක සහන චෙක් පතක් මේ හරහා ලබා දෙනවා. රැකියා විරහිත සහ නිවාස නොමැති පුද්ගලයින්ට මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි ඇමරිකා මාධ්‍ය සඳහන් කළේ. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා සෙනට් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට රිපබ්ලිකන් පාක්ෂිකයින් සියලු දෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා. ලබන අගහරුවාදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.