ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹෙයි
Related Articles
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමී ලෙස පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
නියමිත සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම පාපැදි සවාරිය සංවිධාන කර තිබෙනවා. ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධාන කරන පාපැදි සවාරිය මෙවර පැවැත්වෙන්නේ 22 වන වරටයි. ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති මෙන්ම ජාත්‍යන්තර ප්රමිතීන් හා අධීක්ෂණ යටතේ එය පැවැත්වෙනවා. මෙරට ප්රමුඛ පෙළේ තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි වීම විශේෂත්වයක්.
පිරිමි පාපැදි තරගය කොළඹ සිට කටුනායක දක්වා පැවැත්වෙනවා. කොළඹ සිට වත්තල දක්වා සාම පාපැදි සවාරියක් ලෙසයි එය පැවැත්වෙන්නේ. වත්තල සිට ජාඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය, ගිරිඋල්ල, නාරම්මල, කුලියාපිටිය, මාදම්පේ, වෙන්නප්පුව, කොච්චිකඩේ,මීගමුව හරහා කටුනායක විස්සේ කණුව අසලින් තරගය අවසන් වනවා.