පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ බංගලිදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මසිහු සමාන් සර්නියාබාද් යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී.
ශ්‍රී‍්‍ර ලංකාවට ලබාදිය හැකි තාක්ෂණික සහය සහ පුහුණු පාඨමාලා පිළිබදව එහිදී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකාව සමඟ සෑමවිටම එක්ව කටයුතු කරන බවයි දෙරටේ ගුවන් හමුදාපතිවරුන් සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්වය හා සංචාරක ව්‍යාපාරය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.