fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2021 09:15

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.  පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සබදතාවක් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංකට හැකිවුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 56 ක් රැස්කළා. පැතුම් නිශ්ශංක 37 යි.

ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 18 යි පන්දු 4 ක් තුළදී සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 117 ක් පමණයි. වනිදු හසරංග හා ලක්ෂාන් සදකැන් කඩුලු තුන බැගින් බිදහෙළුවා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43 කින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට හැකිවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2021 09:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්