හෙට පැය 20ක කාලයක් කොළඹ අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (06) පෙරවරු 9 සිට කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම්දෙනවා.