fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ බැංකුව තැන්පතු පොලී අනුපාතිකය 4.5%ක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2021 13:48

මහ බැංකුව තැන්පතු පොලී අනුපාතිකය 4.5%ක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි

මහ බැංකුව ක්‍රියාත්මක කරන ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම තැන්පතු පොලී අනුපාතිකය සියයට හතරයි දශම පහක් ලෙස පවත්වාගෙන යාමට ද තීරණය කෙරුණා.

මහ බැංකුවේ සමාලෝචන සාකච්ඡාවේදී මෙම කරුණු හෙළිවුණා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට පහයි දශම පහක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. අපනයන ආදායම අඩු වුවද ආනයන වියදම වැඩිවීම විශාල ලෙස අඩුවීම හේතුවෙන් වෙළෙද හිගය ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකින් අඩුකර ගැනීමට හැකිවුණා.

පසුගිය වසරේදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට දෙකයි දශම පහකින් අඩුවී තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ වෙළෙදපොල අනුපාතික මේ වනවිට පවතින්නේ ඉතිහාසයේ අවම පොලී අනුපාතික ලෙසයි. එමෙන්ම පසුගිය මාසය අවසානය වනවිට මෙරට විදේශ සංචිත ඇමෙරිකා ඩොලර් බිලියන හතරයි දශම හයක් දක්වා පහත වැටී තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ආර්ථික උපායමාර්ග ශ්‍රී ලංකාවට වැදගත්වන ආකාරය පිළිබද සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2021 13:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33