fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සචිත්‍ර සේනානායක ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2021 18:17

සචිත්‍ර සේනානායක ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු යවන්නෙකු වන සචිත්‍ර සේනානායක ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැදවා තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ දී සිදුකළ බවට පැවසෙන තරග පාවාදීමට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහායි  ඔහු මේ අයුරින් විමර්ශන ඒකකය වෙත කැදවා තිබෙන්නේ.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති මෙම විශේෂ විමර්ශන ඒකකයට සචිත්‍ර සේනානයක අද උදෑසන පැමිණියා. ඔහුගෙන් තවමත් ප්‍රකාශ සටහන් කර ගනිමින් ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. පසුගිය LPL තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු යොදා ගෙන සිදුකළා යැයි කියන තරග පාවාදීමකට අදාළව සචිත්‍ර සේනානායකගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2021 18:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්