කොරෝනා වයිරස් ව්‍යාප්ති අවදානම අවමවීම හේතුවෙන් ජපානයේ ප්‍රදේශ හයක හදිසි තත්ත්වය ඉවත් කිරීමට ජපන් රජය කටයුතුකර තිබෙනවා.
ඒ අනුව ඕසකා, කොයෝටෝ, හයෝගෝ, අයිචි, ගිෆෝ සහ ෆුකුවෝකා යන ප්‍රදේශවල වයිරස් ව්‍යාප්තිය මත පැනවූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට පනවා තිබූ හදිසි තත්ත්වය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවයි ජපන් රජය දැනුම් දෙන්නේ.
හදිසි තත්ත්වය යටතේ එරට ප්‍රදේශ ගණනාවක සංචාරය මෙන්ම සිනමා ශාලා මෙන්ම විනෝදාත්මක කටයුතු සීමා කිරීමටයි කටයුතු යොදා තිබුණේ. තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඔලිම්පික් තරගාවලියද ජුලි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.