දේශීය නවෝත්පාදන ප්‍රචලිත කිරීමේ නව වැඩසටහන් මාලාවක් එළිදැක්වුණා.
නවෝත්පාදන ප්‍රචලිත කිරීම සදහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. මෙම කටයුතු වඩාත් පුලුල් කිරීමේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා.
ඒ යටතේ උතුරුමැද මධ්‍යම හා බස්නාහිර පළාත් ආවරණය කරමින් නිපුණතා සංවර්ධන සහකාර සහ සංවර්ධන නිලධාරීන් 81 දෙනෙකු සහභාගීකර ගැණුනා. ගම් මට්ටමෙන් නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම ඒ අනුව සිදුකෙරෙනවා.
එම නවෝත්පාදන වාණිජ මට්ටම වැඩිදියුණු කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ දැනුමද නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් ලබාදෙනවා.
මේ අතර පාසල් නව නිපැයුම් සංගම් පිහිටුවීමේ ව්‍යාපෘතිය සදහා ද මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ අයිටීඑන් මාධ්‍ය ජාලයයි.