fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා නව ජනපති ජෝ බයිඩ්න් පළමු හමුදා ප්‍රහාරය එල්ල කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2021 13:26

ඇමෙරිකා නව ජනපති ජෝ බයිඩ්න් පළමු හමුදා ප්‍රහාරය එල්ල කරයි

නැගෙනහිර සිරියාවේ පිහිටි ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කදවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව ඇමෙරිකාව පවසනවා.

ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ එල්ල කළ පළමු යුද ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනෙකු මරණයට පත්වූ බවද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනය කරනවා.

මේ මස මුලදී ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවද පෙන්ටගනය පවසනවා.

මෙම ප්‍රහාරවලින් පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන ලොරි තුනක් ද විනාශයට පත්වූ බවයි වාර්තා වන්නේ.

ඉරාකය අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන්වදින අතර ඊට සහාය දැක්වීම සදහා 2014 වසරේ සිට ඇමෙරිකා හමුදා ඇතුළු ඒකාබද්ද ආරක්ෂක බලඇණි ඉරාකයේ ස්ථාපිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2021 13:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්