මියන්මාර හමුදා පාලනයට එරෙහිව ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් තහනමක් පැනවීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබෙනවා.
මියන්මාර හමුදා පාලනයට එරෙහිව මසකට ආසන්න කාලයක් යැන්ගොන් නුවර විරෝධතා පැවතීම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. හමුදා පාලනයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවයි ෆේස්බුක් සමාගම වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් තවමත් මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවනවා. ඊට එරෙහි විරෝධතා හේතුවෙන් මේ වනවිට සිවිල් පුද්ගලයින් තුන් දෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු මියගි බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.