දකුණු අප්රිකාවෙන් සොයාගත් නව කොරෝනා වයිරස් ප්රභේදයට එන්නතක් අත්හදා බලමින් සිටින බව මොඩර්නා සමාගම දැනුම්දී තිබෙනවා.
ලොව පුරා ශීඝ්රයෙන් පැතිර යන කොරෝනා වයිරසයේ නව ප්රබේදයක් මෙන්ම භයානක වයිරසයක් වන මෙම දකුණු අප්රිකා වයිරසය ශීඝ්රයෙන් පැතිර යමින් පවතිනවා. දැනට නිෂ්පාදනය කර තිබෙන එන්නත් වැඩිදියුණුකර මෙම නව වයිරසයට එරෙහිව ක්රියා කරන එන්නතක් නිපදවීම අපේක්ෂාව බවයි මොඩර්නා සමාගම දැනුම් දෙන්නේ. බොහොරදුරට දැනට ලබාගෙන ඇති කොරෝනා එන්නත්හි තුන්වන මාත්රාව ලෙස මෙම එන්නත ලබාදීමට හැකිවනු ඇති බවටයි සමාගම අපේක්ෂා කරන්නේ.