කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද සිට ආරම්භ කරන බව තායිලන්තය ප්‍රකාශ කළා.
සිනෝවැක් එන්නත ලබාදීම සදහා රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රමුඛත්වය මත එන්නත ලබාදීමයි අපේක්ෂාව. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු අංශ කිහිපයක් ඒ සදහා තෝරාගෙන ඇති බවයි තායිලන්තය සදහන් කළේ.
පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා මිලියන දෙකක් හදිසි භාවිතයට ගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව.
මේ වන විටත් අවදානම් සහිත ප්‍රදේශ කිහිපයක්හදුනාගෙන තිබෙනවා. ඊට ප්‍රමුඛත්වය ලබාදෙමින් එන්නත්කරණය සිදුවන බවයි තායිලන්තය සදහන් කළේ.