පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමට රජයෙන් මෙහෙයුමක් (VIDEO)
Related Articles
පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ මෙහෙයුම අරඹන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
ගොවි ජනතාවට උපරිම සාධාරණය ඉටුවන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටිනවා. ඒ අනුව තෙත වී කිලෝවක් රුපියල් 46 කට / වියලි නාඩු 52 කට සහ වියළි සම්බා 54 කට මිලදී ගැනීමට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද අදහස් පල කෙරුණා.