වයඹ දිග බ්‍රසීලයේ ඒකර් ප්‍රදේශයට හදිසි ගංවතුර තත්ත්වයක්
Related Articles
වයඹ දිග බ්‍රසීලයේ ඒකර් ප්‍රදේශයට හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසක් අවතැන් භාවයට පත්ව ඇති බවයි බ්‍රසීල ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. පේරු රාජ්‍ය යේ දේශ සීමා අසල පිහිටා ඇති ඒකර් ප්‍රදේශයේ නිවාස හා මහාමාර්ග ගංවතුරෙන් යටව ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.හයදහසකට අධික සංඛ්‍යාවක් සහන කඳවුරු වෙත යොමු කර ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඩෙංගු රෝගයෙන් හා කොරෝනා වයිරසයෙන් බ්‍රසීලයේ වැඩිම බලපෑමට ලක්වූ ප්‍රදේශයක් ලෙසද ඒකර් ප්‍රදේශය සැලකෙනවා.