ආහාර හා පිරිසිදු පානීය ජලය ලබාගැනීමට ටෙක්සාස් ප්‍රාන්තයේ ජනතාව දිගු පෝලිම්වල
Related Articles
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිලියන නවයකට ආසන්න ජනතාවකට තවමත් ආහාර හා පිරිසිදු පානීය ජලය ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ආහාර හා පිරිසිදු පානීය ජලය ලබාගැනීම සදහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින ආකාරයයි ඊයේ දිනයේ දක්නට ලැබුණේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේදී දැවැන්ත විදුලි බලාගාරයක් අක්‍රීය වීමත් සමග මිලියන ගණනකට විදුලි පහසුකම් අහිමි වුණා. භාවිතය සදහා පිරිසිදු පානීය ජලය ලැබෙනතෙක් එම ප්‍ර දේශවල ඇති ජලය උණුකර පානයට ගන්නා ලෙසයි බලධාරීන් ජනතාවට දන්වා ඇත්තේ. මේ වනවිට විදුලි බලය ලබාදීම යථා තත්ත්වයට පත් කර ඇති අතර ටෙකසාස් ප්‍රාන්තයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය පහව ගොස් තිබෙනවා.