fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අදියර කිහිපයක් යටතේ ජර්මනියේ පාසල් යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 13:53

අදියර කිහිපයක් යටතේ ජර්මනියේ පාසල් යළි විවෘත කෙරේ

කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ජර්මනියේ  පාසල් අදියර කිහිපයක් යටතේ යළි විවෘත කිරීම ඊයේ දිනයේ ආරම්භ කෙරුණා.

පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින ජර්මනියේ සියලු පාසල් වසා දැමුණු අතර මාස දෙකක කාලයකට පසුවයි පාසල් යළි ආරම්භ කෙරුණේ. කෙසේ වුවද ජර්මනියේ ප්‍රාන්ත 16 ක පාසල් ආරම්භ වීමේ ක්‍රමවේදය එකිනෙකට වෙනස් බව අධ්‍යාපන නිලධාරීන් සදහන් කරනවා. වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට ජනතාව අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂණ විධි විධාන අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි රජය නිවේදනය කරන්නේ.  ඊළග අදියරේ ක්‍රියා පටිපාටියන් පිළිබද මාර්තු තුන්වන දින පැවැත්වෙන රජයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ රැස්වීමකින් අනතුරුව තීරණය කිරීමට  නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්