ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා චෝදනාවලට උත්තර දෙන්න විදේශ ඇමති සූදානමින්
Related Articles
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 46 වන මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතයි.
මෙරට වේලාවෙන් අද (23) රාත්‍රී 7.30 ට පමණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමාත්‍යවරයා සැසිය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරනවා. එහිදී ශ්‍රී ලංකාවේ වර්ථමාන මානව හිමිකම් තත්ත්වය හා වගවීම සංහිදියාව සම්බන්ධයෙන් මෙන්ම ලංකාවේ මානවහිමිකම් පිලිබද නව වාර්තාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දැක්වීමට නියමිතයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඊයේ (22) දිනයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්රතිසන්ධානය, සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේගේ නව වාර්තාව හෙට දිනයේදී කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇති.
එමෙන්ම මෙවර සැසිවාරයේදී බ්‍රිතාන්‍ය කැනඩාව ප්රමුඛ රටවල් 05 ක් එක්ව ශ්‍රී ලංකාවට විරුද්ධව නව යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා.