fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාකොටික් නිළධාරීන් 13 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 11:46

නාකොටික් නිළධාරීන් 13 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකු ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ සැකකරුවන් 17 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් ලබන මස 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් අදාල සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පසුගිය දිනක අත්අඩංගුවට ගැනුනා.

මේ අතර ආන්දෝලනයට තුඩුදුන් මිග්යානා ගනුදෙනුවට අදාළව මේ වන තෙක් සිදුකර ඇති විමර්ශන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබන මස 5 වනදා ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළා. සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිංගප්පූරු ජාතික ටී එස් ලී, එන්ජේ ලේක්හිම්, ඇතුළු පිරිසක් නඩුවේ සෙසු සැකකරුවන් වනවා. විමර්ශන ප්‍රගතිය මැයි මස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්