fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 518ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 11:36

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 518ක්

කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 518 දෙනෙකු ඊයේ (22) දිනයේ මෙරටින් හදුනා ගත්තා.

ඊයේ (22) දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 518 දෙනාගෙන් 28 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඉතිරි 490 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බවයි කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 175 ක්. ගම්පහින් 77 ක්, මහනුවරින් 41 ක්   වාර්තා වුණා. අනික් ආසාදිතයින් 197 දෙනා සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වී තිබෙනවා.

අද උදෑසන වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,918 ක්. 73,716 දෙනෙකු මේ වන   විට පූර්ණ සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන  කෝවිඩ් 19 සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,517 ක්. 4597 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා.පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 75,110 ක්.

කොරෝනා ආසාදනය වී සිටි 05  දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව ද 450 දක්වා ඉහළ ගියා.

ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 97 ක් තුළ පුද්ගලයින් 9618 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ දිනය තුළ සිදු කළ පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව  11,779 ක්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්