කොරෝනා හේතුවෙන් මියගිය ඇමරිකානුවන් සිහිපත් කිරීමේ වැඩසටහනකට ජෝ බයිඩ්න් එක් වෙයි
Related Articles
කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ලක්ෂ පහක ඇමරිකානුවන් සිහිපත් කිරීමේ වැඩසටහනකට එරට ජනාධිපති ජෝ බයිඩ්න් සහභාගි වී තිබෙනවා.
සැමරුම් උත්සවයට ජනාධිපති ජෝ බයිඩ්න් උප ජනාධිපති කමලා හැරිස් ඇතුලු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටි අතර එහිදී මිය ගිය සිහිපත් කර විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ. ඉදිරි දින පහ ඇතුළත පෙඩ්රල් ආයතන සහ හමුදා කදවුරුවල ඇමරිකා ධජය අඩකුඹු කර තබන ලෙස ජෝ බයිඩ්න් නියෝග කර තිබෙනවා. ඇමරිකානුවන් අතර පවත්නා විවිධත්වය පසෙකලා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.