රටේ ජනගහනයෙන් මිලියන 14කට කොරෝනා එන්නත ලබා දෙන්න කැබිනට් අනුමැතිය
Related Articles
ජනගහනයෙන් මිලියන 14 කට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10 ක් ඇමෙරිකා ඩොලර් මිලියන 52.5ක මුදලකට මිලදී ගැනීමට නියමිත බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.