කළුතර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ජුනි මාසයේ ජනතා අයිතියට පත් කිරීමට හැකි බව රාජ්‍ය ඇමති ජයන්ත කියයි
Related Articles
කළුතර දිස්ත්‍රික්කයේ ලක්ෂ 03 කට වැඩි පිරිසකට සෙත සැළසෙන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ජුනි මාසය වන විට ජනතා අයිතියට පත් කිරීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පානීය ජලයට කිවුල් ජලය මිශ්රවීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාව ගැටලුවලට මුහුණදී සිටිනවා. ඊට විසදුමක් ලෙසයි අලුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජලයෝජනා ක්‍රමය ඉදිකෙරෙන්නේ. ව්‍යපෘතියේ ප්‍රධාන නල මාර්ගයේ එලීම් කටයුතු අවසන් වී තිබෙනවා. ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් මිලියන 32278 ක්. ජල සැපයුම් 60,000 ක් පමණ ලබාදීමට සැළසුම් කර තිබෙනවා.