fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනියා රාජ්‍යයේ ඉබෝලා එන්නත්කරණය යළි ඇරඹේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 09:58

ගිනියා රාජ්‍යයේ ඉබෝලා එන්නත්කරණය යළි ඇරඹේ

ඉබෝලා වයිරසය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය යාමත් සමග ගිනියා රාජ්‍යයේ ඉබෝලා වයිරසයට එරෙහි එන්නත්කරණය යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී එන්නත් මාත්‍රා එකොලොස්දහසක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගිනියා රාජ්‍යයට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එන්නත් ගුවනින් රැගෙන ඒම සතියක පමණ කාලයක් ප්‍රමාද වී තිබුණා. ඉදිරි පැය කිහිපය ඇතුළත වයිරසය නැවත හිස ඔසවා ඇති ප්‍ර දේශවලට එන්නත් ලබාදීම ආරම්භ කරන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. වයිරසය හේතුවෙන් සිදුවූ මරණ පහට අමතරව තවත් ආසාදිතයින් හතර දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. වයිරසය පැතිර යාම ආරම්භ වූ 2013 – 2016 කාලයේදී එරට පුද්ගලයින් 12000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්