පාක් ඇන්ඩ් රයිට් සිටි බස් සේවාව පිලියන්දල සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ
Related Articles
පාක් ඇන්ඩ් රයිට් සිටි බස් සේවාව පිලියන්ද ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙතෙක් එම සේවාව ක්‍රියාත්මක වූයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පමණයි.
පාක් ඇන්ඩ් රයිට් සිටි බස් සේවාවේ ප්‍රගතිය සහ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැත්වුණා. එම සේවාව හදුනාගත් ප්‍රවාහන කොරිඩෝ කිහිපයක් සදහා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදී තීරණය වුණා. ඒ අනුව පිලියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට පාක් ඇන්ඩ් රයිට් සිටි බස් සේවාව ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇති. ඒ සදහා නවතම මගී ප්‍රවාහන බස් රථද යෙදවෙනවා. විධිමත් කාල සටහනක් සකස් කර දැනට පවතින ගැටලු අවම කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද සාකච්ඡා කෙරුණා.