ෆයිසර් එන්නත් මාත්රා මිලියන 40 ක් ඇමරිකාව පුරා ස්ථාන රැසකට යවයි
Related Articles
මාර්තු මස මැද වනවිට ෆයිසර් සමාගම සිය කොවිඩ් නයින්ටීන් එන්නත් මාත්රා මිලියන 13 කට වැඩි ප්රමාණයක් ඇමරිකාවට ලබාදීමට අපේක්ෂා කරනවා.
ෆයිසර් එන්නත් මාත්රා මිලියන 40 ක් පමණ ඇමරිකාව පුරා ස්ථාන රැසකට යවා තිබෙනවා. මාර්තු මාසය අවසන් වනවිට එහි දෙවන මාත්රා මිලියන 120 ක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි ෆයිසර් සමාගමේ ප්රධාන ව්යාපාරික නිලධාරියා සදහන් කරන්නේ. ජූලි මස අවසන් වනවිට ඇමරිකාවට එන්නත් මාත්රා මිලියන 300 ක් ලබාදීමට ෆයිසර් සමාගම සූදානම් බවත් 2021 වසර සදහා ගෝලීය නිෂ්පාදනය අවම වශයෙන් මිලියන දෙකක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.