මියන්මාරය පුරා දැවැන්ත උද්ඝෝෂණ තවදුරත් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පනවා ඇති ඇදිරිනීතියද පසෙකලා විරෝධතාකරුවන් අද සිට දැවැන්ත වැඩ වර්ජනයක්ද ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පසුගියදා උද්ඝෝෂකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් හටගත් අතර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් උද්ඝෝෂකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගේ අවමංගල උත්සව සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයට යළි පාලන බලය ලබා නොදෙන්නේ නම් හමුදා පාලනයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඇමෙරිකාව නිවේදනය කරනවා.