ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝම්බ ප්‍රහාරයෙන් කාන්තාවක් හා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා ඇති බවයි කාබුල් පොලීසිය සදහන් කරන්නේ. ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගන් රජය අතර සාම සාකච්ඡා වට කිහිපයක් පැවතියද එම සියලු සාකච්ඡා කිසිදු එකගතාවකින් තොරව අවසන් වුණා. පසුගිය කාලය තුළ නැවත වරක් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් තලෙයිබාන් සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇෆ්ගන් රජය චෝදනා කරනවා. කෙසේ වුවද මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.