fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු දිග පිලිපීනයට නිවර්තන සුළි කුණාටුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 14:32

දකුණු දිග පිලිපීනයට නිවර්තන සුළි කුණාටුවක්

දකුණු දිග පිලිපීනයට නිවර්තන සුළි කුණාටුවක් බලපා ඇති බව එරට කාලගුණ අංශ සදහන් කරනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පන්දහසක් පමණ අවතැන්භාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව සමග දැඩි සුළං ද බලපෑ ඇති අතර ගම්මාන රැසක් සම්පූර්ණයෙන් ජලයෙන් යටව තිබෙනවා. අවතැන් පුද්ගලයින්ට අවශ්‍ය සහන කටයුතු මේ වන විටත් සපයා ඇති බව පිලිපීන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. දකුණු දිග පිලිපීනයට වාර්ෂිකව නිවර්තන සුළි කුණාටු 20 ක පමණ බලපෑම් එල්ල වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්