fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 14:28

නයිජීරියාවේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියාවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජීරියා ගුවන් හමුදාවට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අනතුරෙන් යානයේ ගමන් ගත් සියලුම පුද්ගලයින් මියගොස් ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා. මින්නා ගුවන් තොටුපොළේ සිට අබූජා ගුවන්තොටුපොළ වෙත යානය ගමන් කරමින් තිබෙන අතරතුරදී කාර්මික දෝෂයක් සිදුව ඇති බවට එහි නියමුවන් ගුවන්තොටුපොළ වෙත වාර්තා කර තිබෙනවා. යානය හදිසි ගොඩබෑමකට අවශ්‍ය සියලුම පහසුකම් සූදානම් කර තිබුණද යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට නොහැකි වු බවයි ගුවන් තොටුපොළ වාර්තා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්