අවුරුදු 139 ක් පැරණි ගොඩනැගිල්ලක් වෙනත් ස්ථානයකට රැගෙන යයි
Related Articles
අවුරුදු 139 ක් පැරණි වික්ටෝරියා සම්ප්‍රදායට අයත් පෞරාණික ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයෙන් තවත් ස්ථානයකට සාර්ථක ලෙස රැගෙන යාමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන්ප්රැන්සිස්කෝහි ඉංජිනේරු කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
වර්ග අඩි පන්දහස් එකසිය හැත්තෑවක විශාලත්වයකින් යුත් මෙම ගොඩනැගිල්ල පැවති ස්ථානයට ආසන්නයේ වෙනත් ස්ථානයකට රැගෙන යාමට කටයුතු කෙරුණා. මෙය දැක බලා ගැනීමට විශාල පිරිසක් මගදෙපස රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ටිම් බ්‍රවුන් නමැති සැන්ප්රැන්සිස්කෝහි පුරවැසියෙකුට අයත් මෙම ගොඩනැගිල්ල නව සැලැස්මකට අනුව සකස් කිරීමටයි මෙලෙස වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත්තේ. පැයට සැතපුම් එකක ඉතා මන්දගාමී වේගයකින් ගොඩනැගිල්ල රැගෙන යාමට කටයුතු කෙරුණා. මෙවැනි නිවාස රැගෙනයාමේ විශේෂඥ කණ්ඩායමක් මීට මැදිහත් වූ අතර ඒ සදහා ඇමෙරිකා ඩොලර් ලක්ෂ හතරකට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.