මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය ලබා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා ජුනි මස 17 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
වෙලේ සුදා, ඔහුගේ බිරිද සහ ඥාති සොහොයුරියකට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා. මාදිවෙල, දෙහිවල, රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක වත්කම් අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනන යටතේ වරදක් සිදුකර ඇති බවටයි නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ දැක්වෙන්නේ. නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලූ විනිසුරුවරයා නඩුව ජුනි මස 17 වනදා විභාග කිරීමට තීන්දු කළා. එදින වෙලේ සුදා නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළා.