fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

H5N8 නමැති කුරුළු උණ රෝගය පළමු වරට මිනිසෙකුට ආසාදනය වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2021 16:24

H5N8 නමැති කුරුළු උණ රෝගය පළමු වරට මිනිසෙකුට ආසාදනය වෙයි

එච් ෆයිව් එන් එයිට් නමැති කුරුළු උණ රෝගය පළමු වරට මිනිසෙකුට ආසාදනය වී ඇති බව රුසියාවෙන් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමු වී ඇති අතර කුරුළු උණ රෝගය දැවැන්ත වසංගතයක් ලෙස මිනිසුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. මිනිසෙකුගෙන් මිනිසෙකුට මෙම කුරුළු උණ රෝගය සම්ප්‍රේෂණය වූ බවට තවමත් වාර්තාවක් නොමැති බවයි රුසියාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. විවිධ ප්‍රභේදයන්ට අයිති කුරුළු උණ රෝග කිහිපයක් චීනය, යුරෝපය, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව යන කලාපවලින් පසුගිය මාස කිහිපයේදී විටින් විට වාර්තා වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2021 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්