සමූහ ප්‍රතිශක්තිය පිළිබඳ අදහස මිථ්‍යාවක් – වෛද්‍ය පර්යේෂකයන් පවසයි
Related Articles
කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද හමුවිමත් සමගම සමූහ ප්‍රතිශක්තිය පිළිබද අදහස සම්පූර්ණ මිථ්‍යාවක් බවට පත්වෙමින් තිබෙන බව වෛද්‍ය පර්යේෂකයන් පවසනවා. ඉන්දීය වෛද්‍ය බලධාරීන් සදහන් කර ඇත්තේ ජනතාව ආරක්ෂා කර ගැනීමට නම් අඩු තරමින් ජනගහණයෙන් සියයට 80 කගේ පමණවත් ප්‍රතිදේහ තිබීම අවශ්‍ය වන බවයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හමුවන බොහෝ කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් යන ඒවා බවට හෙළිව තිබෙනවා. එසේම ශරීරයේ ප්‍රතිදේහ නිෂ්පාදනය වී ඇති පුද්ගලයන්ට වුව ද ඒවා යළි ආසාදනය වීමට ඇති ඉඩ වැඩි බවයි වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ.