ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ පාදුක්ක වේරගල ග්‍රාම සේවා වසමේ ඉදිකළ නව නිවස අඩු ආදායම්ලාභී පවුලකට භාර දීම සිදුකෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි නිවස භාර දීම සිදුකෙරුණේ. නිවසක් ඉදිකර ගැනීමට නොහැකිව දීර්ඝ කලක් කුඩා කාමරයක දිවි ගෙවූ යුවළකට මෙම නිවස භාර දීම සිදුකෙරුණා. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුදත් කුමාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.