අවධානම් කණ්ඩායම් හදුනාගනිමින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යාම දිගින් දිගටම සිදුවනවා. එම අසත්‍ය ප්‍රචාරවලට වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා අද පැහැදිලි පිළිතුරක් ලබාදුන්නා.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත ඊයේ දිනය වනවිට තුන් ලක්ෂ දෙදහස් අටසිය පනස් හත් දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊයේ දිනයේ තිස් නව දහස් හැත්තෑ අට දෙනෙකු එන්නත ලබාදීම සිදුකළා. මේ අතර අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබා නොදෙන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද එහි කිසිදු සත්‍යතාවක් නැති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wkK6hfQxGNs”]