එක්සත් රාජධානියේ සිටින සියලුම වැඩිහිටි ජනතාවට කොරෝනා වයිරසය සඳහා එන්නත ජූලි මාසයේ අග වනවිට ලබාදීමට කටයුතු කරන බව එරට අග්රාමාත්යවරයා සඳහන් කරනවා.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ වනතෙක් එක්සත් රාජධානියේ මිලියන 17 ට අධික පිරිසකට කොරෝනා වයිරසය සඳහා එන්නත් ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන ඉදිරියටත් ඉතා ඉක්මනින් සිදුකිරීමට කටයුතු කරන බවයි එරට අග්රාමාත්ය බොරිස් ජොන්සන් සඳහන් කරන්නේ. ලෙඩ රෝග සහිත වැඩහිටි ප්රජාව ඉක්මනින් ආරක්ෂා කර ගත යුතු බවත් එනන්ත ලබාදීමත් සමඟ එක්සත් රාජධානිය පුරා පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමටත් හැකියාව ලැබෙන බවත් අග්රාමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.