කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්වහන්සේගේ 84 වන ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද බෝධි පූජාවක් පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේදී පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලංකාර මහ පිරිවෙනට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ බැහැ දැක සුවදුක් විමසා සිටියා. උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සදහා අවශ්‍ය නිදුක් නිරෝගී චිර ජීවනය ද අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කර සිටියා.
බෝධි පූජා පිංකමේදී අනුශාසනාවක් සිදු කළ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩ බලන අධ්යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන ස්වාමීන්වහන්සේ සදහන් කළේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ සිය අධ්‍යාපනික, ආගමික හා සමාජයීය මෙහෙවර ඉටු කිරීම සදහා වැඩම නොකළ ස්ථානයක්, විහාරයක් මෙරට නොමැති බවයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය කුඹුරුගමුවේ වජිර, අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද යන ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටියා. රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඇතුලු පිරිසක් ඊට එක්වුණා.