මියන්මාර නායිකා අවුන්සාන් සුචී අත්අඩංගුවට ගනිමින් මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්රණයට චීනය සම්බන්ධ බවට මියන්මාර විරෝධතාකරුවන් චෝදනා කරනවා.
මියන්මාර හමුදා එරට ප්රජාතන්ත්රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගනිමින් මේ මස පළමුවනදා එරට බලය අල්ලා ගනු ලැබුවා.
මේ දින කිහිපය පුරා මියන්මාරයේ යැන්ගොන් නුවර චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වුණු අතර විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ හමුදා ජෙනරල්වරුන්ට සහාය දක්වන්නේ චීනය බවයි.
එරට චීන තානාපති කාර්යාලය මෙම චෝදනා ප්රතික්ෂේප කරනවා.