fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාර හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2021 14:53

මියන්මාර හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත්

මියන්මාර හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මියන්මාරයේ යැන්ගොන් අගනුවරට එක්රැස්ව සිටින පිරිස් විරෝධතා ආරම්භ කර  ඇති අතර එරට දෛනික ජනජීවිතය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතා නවතා දමා රාජකාරී කටයුතු සදහා පැමිණෙන ලෙස හමුදා රජය දැනුම් දුන්නද විරෝධතා කරුවන් ඒ පිළිබද කිසිදු තැකීමක් සිදු කර නැහැ.

මැතිවරණයක් පවත්වන බවට හමුදා රජය දැනුම් දී තිබුණද, ඒ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාත්මක නොවන බවට විරෝධතාකරුවන්ගෙන් චෝදනා එල්ලවී තිබෙනවා.  පසුගියදා පැවති මැතිවරණයෙන් පසු අත්අඩංගුවට ගත් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී සහ එරට ජනාධිපති ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් තවමත් හමුදා අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2021 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්